ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමේදී ලංකාවෙන් සහතික කරගත යුතු ලියකියවිලි සම්බන්ධ වැදගත් තොරතුරු ටිකක්

සියලු දේ දැනගැනීමට පිවිසෙන්න www.italliance.it වෙබ් අඩවියට. Italliance යනු ඉතාලියට සම්බන්ධ ලියකියවිළි කටයුතු වලදී උපදෙස් සහ නිවැරඳි මගපෙන්වීම ලබා දෙන අන්තර්ජාතික සංවිධානයකි.

ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමේදී ලංකාවෙන් සහතික කරගත යුතු ලියකියවිලි සම්බන්ධ වැදගත් තොරතුරු ටිකක්
ඔබත් ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමට බලා සිටින්නේද?
එසේ නම් පහත සඳහන් ලියකියවිළි ශ්‍රි ලංකාවේ VFS ආයතනයට භාර දී ප්රථමයෙන්ම Legalize කරගැනීම සිදු කරන්න.
  • අයැදුම්කරුගේ Original උප්පැන්න සහතිකය
  • අයැදුම්කරුගේ පොලිස් නිශ්කාෂන වාර්ථාව

මෙම ලියකියවිළි සහතික කරගැනීමේදී ඔබ සැළකිලිමත් වියයුතු ප්‍රධාණ කරුණු කිහිපයක් පහතින් විස්තර කර ඇත.  ඒවා අවධානයෙන් කියවා ගැටළු ඇත්නම් පහතින් Comment කරන්න.

    Original උප්පැන්න සහතිකය Legalize කිරීම

    මෙහිදී Original Birth Certificate යනුවෙන් දැක්වෙන්නේ ඔබ ඔබගේ උපත ලියාපදිංචි කර ඇති ප්‍රදේශයේ තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගන්නා සහතික කරන ලද  පිටපතකටයි. එම පිට පත ඔබ VFS ආයතණයට, ඔබගේ ලියකියවිළි Legalize කිරීමට හාර දෙන අවස්ථාව වන විට නිකුත් කල දිනයේ සිට මාස 6ක් ඉක්මවා නොතිබිය යුතුය. නිකුත් කල දිනයේ සිට මාස 6කට වඩා කල්ගත වූ උප්පැන්න සහතිකයක් කල් ඉකුත්වූ උප්පැන්න සහතිකයක් ලෙස සැලකේ.

    මේ සමගම ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමට සහ නම් හා අනෙකුත් දත්ත නිවැරඳිදැයි පරීක්ශා කිරීමට පහත දක්වා ඇති ලියකියවිළිත් ඔබගේ උප්පැන්න සහතිකයද සමගම VFS ආයතණයට භාරදිය යුතුවේ. 
    1) අයදුම්කරුගේ වලංගු  ගමන් බලපත්‍රයේ 1-5 දක්වා පිටුවල වර්ණ චායාපිටපත් 
    2) අයදුම්කරුගේ දෙමාපියන් දෙදෙනාගේම වලංගු ගමන් බලපත්‍ර වල 1-5 දක්වා පිටු වල වර්ණ චායාපිටපත් (ඔවුන් ජීවතුන් අතර නැත්නම් පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීමේ සහතිකය පිළිගනු ලැබේ.)

    මේ සදහා වැය වන මීළ ගණන් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ සදහන්ව ඇත. ඒ සදහා පිවිසීමට පහත link එක click කරන්න. 
    https://ambcolombo.esteri.it/ambasciata_colombo/en/informazioni_e_servizi/servizi_consolari/leva

    සැ.යු : ඔබගේ උප්පැන්න සහතිකයේ සහ ගමන් බලපත්‍රයේ නම් නිවැරැදිව ගැලපිය යුතු වන අතර ඔබ දෙමව්පියන්ගේ නම් සහ තොරතුරුද ඔබගේ ලියකියවිලි වල තොරතුරු සමග නිවැරැදිව ගැළපීම අනිවාර්ය වේ. 
    ඔබගේ හෝ ඔබ දෙමාපියන්ගේ ලියකියවිලි වල වැරදි ඇතොත් ඒවා නිවැරැදිව හදුනාගෙන නිත්‍යානුකුලව නිවැරදි කර VFS ආයතනයට බාර දීමෙන් අනවශ්‍ය ලෙස අපතේ යා හැකි ඔබගේ කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.