ඉතාලි ජාතිකයින් අතර ජනප්‍රියම ශ්‍රී ලංකික රුපලාවන්‍ය ශිල්පිණී සඳමාලි වර්ණකුලසුරිය (Sanda)

This article is about Mrs.Sandamali Warnakulasuriya, who is running her own business as a beautician in Italy.

ඉතාලි ජාතිකයින් අතර ජනප්‍රියම ශ්‍රී ලංකික රුපලාවන්‍ය ශිල්පිණී සඳමාලි වර්ණකුලසුරිය (Sanda)
Estetista Sanda and staff - le7 meraviglie
ඉතාලි ජාතිකයින් අතර ජනප්‍රියම ශ්‍රී ලංකික රුපලාවන්‍ය ශිල්පිණී සඳමාලි වර්ණකුලසුරිය (Sanda)
ඉතාලි ජාතිකයින් අතර ජනප්‍රියම ශ්‍රී ලංකික රුපලාවන්‍ය ශිල්පිණී සඳමාලි වර්ණකුලසුරිය (Sanda)

අද අපි කතා කරන්න යන්නේ විශේෂයෙන්ම ඉතාලියේ මිලානෝ නගරයේ ශ්‍රී ලංකික ජනතාව අතර එතරම් ප්‍රසිද්ධ නැති නමුත් ඉතාලි ජාතිකයින් අතර ඉතාමත්  ජනප්‍රිය දිරිය කාන්තාවක් සමගයි. ඇය නමින් සඳමාලි වර්ණකුලසුරිය. ලංකාවේ සිට ඉතාලියට සංක්‍රමණය වී  ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සාමාන්‍යයෙන් නිරත වන ගතානුගතික රැකියා රාමුවෙන් මිදී තමන් ආසා කරන වෘත්තීය ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම ඉතාලි භාෂාව මුලික භාෂාව වූ ඉතාලියේ සැබවින්ම අභියෝගයක්. ඉතාලි භාෂාව හදාරා, ඉතාලි භාෂාවෙන් සියලුම පාඨමාලා සම්පුර්ණ කර තම සිහිනය ජයගැනීම පිණිස ඇය ආ ගමන පිළිබඳව විමසා බලන මෙම ලිපිය තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින ඔබටත් අත්වැලක් වනු ඇත.

1) ඔබ තුමිය ලංකාවේ කුමන ප්‍රදේශයෙන්ද?

මම ඉපදුනේ කොළඹ. මගේ මවගේ ගම වන ජා ඇළ බොල්ලත තමයි මගේ මුල් පදිංචිය. පසුව මගේ පියාගේ උපන්ගම වන නයිනමඩම ග්‍රාමයේ තමයි විවාහ වන තෙක්ම මම පදිංචි වෙලා සිටියේ. ප්‍රථමයෙන් තල්දෙක රජයේ පාසලෙන් සහ පසුව වෙන්නප්පුව ශු. පවුලේ බාලිකා විද්‍යාලයෙන් තමයි අධ්‍යාපණය හදාරන්නේ. විවාහයෙන් පසුව පදිංචිය මාරවිල නගරය ආසන්නයේ.

2) සඳමාලි වර්ණකුලසුරිය මහත්මියගේ පවුලේ විස්තර ටිකක් දැනගන්න අපි කැමතියි.

මම දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ පළමු වෙනියා. මාගේ මව, සහෝදරිය සහ සහෝදරයා ඉතාලියේ ලුකා නගරයේ පදිංචිව සිටිනවා. මගේ පියා මේ වන විට ජිවතුන් අතර නැහැ. මම, මගේ සැමියා සහ දරුවන් දෙදෙනා සමග මිලානෝ නගරයට ආසන්න බ්‍රෙස්සෝ (Bresso) නගරයේ තමයි පදිංචි වෙලා ඉන්නේ. මාගේ  වැඩිමල් දියණිය මිලානෝ Bicocca විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. බාළ  දියණිය ලංකාවේ උසස් පෙළට සමාන Liceo Linguistico හැදෑරීමට සුදානමින් සිටිනවා.

3) ඉතින් ඔබ ඉතාලියට එන්නේ කොයි කාලේ වගේද?

මම ඉතාලියට එන්නේ 1995 වසරේ මුල් කාලයේ.

4) අපි කැමතියි දැනගන්න ඔබ මේ රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ ව්‍යාපාරයට යොමු වුන  විදිහ.

ඉතාලියට එන හැමෝටම වගේ මටත් ලොකු අභියෝගයක් වුණා  ඉතාලි භාෂාව කතා කිරීමට ඉගෙන ගැනීම. ඉතින් භාෂාව ඉගෙන ගන්නා අතරම මුල් කාලයේ විවිද රැකියා වල නිරත වුණා. ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකික අපි හැමෝම එකම රැකියා රාමුවක කොටු වෙලා තමයි හිටියේ. තාමත් බොහෝ දෙනෙකුට එයින් මිදෙන්න අපහසුයි. ආර්ථික අවශ්‍යතා නිසා මුල් අවධියේ විවිද රැකියා වල නියුතු වීමට සිදු වුවත්, මම අධිෂ්ඨාන කරගත්තා මම කැමති වෘත්තියකට යොමු වන්නට. ඉතාලිය තුලට සංක්‍රමණය වුන විදේශිකයින් ලෙස අපට, මිට වඩා යමක් කිරීමට හැකි බව මම තදින් විශ්වාස කලා. ඉතින් ඒ විශ්වාසය, ආත්මශක්තිය සහ අධිෂ්ඨානය තුල මම කුඩා කල සිට සිහින මැවූ, මම ඇලුම් කල රුපලාවන්‍ය ක්ෂේත්‍රය තොර ගත්තා. 

අවුරුදු දෙකක ඩිප්ලෝමා පාඨමාලාව (Attestato di qualifica proffesionale estetica L4/1/1990) සහ ඉන්පසුව තවත් අවුරුද්දක පාඨමාලාවකින් පසුව Attestato di specializazione estetica L1/90 ඩිප්ලෝමා සහතිකයද ලබා ගත්තා. ඉතින් මේ විදිහට තමයි මම රූපලාවන්‍ය ක්ෂේත්‍රයට යොමු වන්නේ. ඉතින් ඒක හරිම ලේසි කටයුත්තක් වුනේ නැහැ. විවිද රැකියාවන් කරන අතර, කාලය සොයාගෙන අධ්‍යාපන කටයුතුත් පවත්වාගෙන යාම විශාල අභියෝගයක් වුණා. ඉතාමත් කැපවීමෙන් සහ තිර අධිෂ්ඨානයෙන් තමයි මම මගේ සිහිනය කරා ආවේ.

5) ඉතාලි ජාතිකයින් අතර වැඩියෙන්ම ජනප්‍රිය ශ්‍රී ලංකික සම්බවයක් සහිත රුපලාවන්‍ය ශිල්පිනිය ඔබ කීවොත් මා  නිවැරදියි නේද?

මම හිතන්නේ ඔව්. මොකද මම මේ වන විට රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ අවුරුදු 19කට ආසන්න කාලයක් නියැළෙමින් ඉතාලි ජාතිකයින් විශාල සංක්‍යවකගේ රුපලාවන්‍ය ශිල්පිණිය වී හමාරයි. මගේම රුපලවන්‍යාගාරය "Le 7 Meraviglie - Estetica e Benessere" ආරම්භ කර මේ වන විට වසර 13ක් වුවත් මම රුපලාවන්‍ය ශිල්පිනියක් ලෙස 2004 වසරේ සිට සේවය කරනවා. 

6) ඉතාලියේදී මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යද්දී අනිවාර්යෙන්ම විවිද අභියෝග වලට ඔබ  මුහුණ දෙන්න ඇති නේද? ඔබගේ අත්දැකීම්  කිහිපයක්  සහ ඔබ එම අභියෝග වලට සාර්ථකව මුහුණ දුන්න විදිහ ඉතාලියේ  නව ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න මෙය කියවන පාඨකයෙකුට හොද අත්වැලක් වේවි. 

ඔව් මුලින්ම කිව යුතුයි ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ  අතරම මට අවස්ථාව ලැබුණා රුපලාවන්‍ය  ශිල්පිනියක් ලෙස සේවය කරන්නට. මම මිලානෝ (Milano) සහ මොන්සා (Monza) නගර වල සේවය කරමින් මට අවශ්‍ය වෘත්තීය පුහුණුව මැනැවින් ලබා ගත්තා. මොකද ඩිප්ලෝමා සහතිකය පමණක් තිබුනාට මදි ශ්‍රී ලංකික මට වඩා වෙනස් සම්බවයක් සහිත ඉතාලි සහ පිට ජාතිකයින් සමග වැඩ කිරීමට.  මම ඉගෙන ගත්තේ ක්ෂේත්‍රයේ විෂය කරුණු සමගම ප්‍රයෝගික පුහුණුවත් ලබමින්මයි. 

2009 වර්ෂයේ අප්‍රියෙල් මාසයේ මගේ අධිෂ්ඨානය වූ මගේම රුපලවන්‍යාගාරය විවෘත කිරීමට මට හැකි වුණා. මගේ මවගේ සහ සැමියාගේ දිරිගැන්වීම මත මම ඒ අභියෝගය බාරගත්තා. Milano  හි Via  Fulvio Testi 177 යන ස්ථානයේ තමයි මගේ රුපලාවන්‍යාගාරය පිහිටා තිබෙන්නේ. නමුත් මම ඒ ප්‍රදේශයට අලුත්. මාව  කවුරුත් හදුනන්නේ නෑ. අනික මම ශ්‍රී ලාංකිකයෙක්. ඒ නිසා ඉතාලි ජාතිකයින් මගේ රුපලාවන්‍යාගාරයේ සේවය ලබාගැනීමට පැමිනේවිදැයි මට සැකයක් තිබුනත්, මම පසුබට වුණේ නැහැ. ඉතාමත් කෙටි කාලයක් තුල මගේ උත්සාහය දක්ෂතාවය සහ ප්‍රයෝගික අත්දැකීම මත ප්‍රදේශයේ ජනප්‍රියම රුපලාවන්‍ය ශිල්පිණිය වීමට මට හැකි වුණා. තනිව ආරම්භ කල මගේ රුපලාවන්‍යාගාරයේ අද වන විට තවත් ඉතාලි ජාතික රුපලාවන්‍ය ශිල්පිනියන් දෙදෙනෙකු සේවය කරනවා.

7) ඇත්තටම  මොකද්ද මෙතරම් ඉතාලි පාරිභෝගිකයින්ගේ සිත් දිනාගැනීමේ රහස?

ශ්‍රී ලංකික අපට ස්වභාවයෙන්ම උරුම වී තිබෙන මිත්‍රශීලි, කරුණාවන්ත ගති පැවතුම් වලට ඔවුන් ගොඩක් කැමතියි. ඔවුන් ජාති භේද සලකන්නේ නැහැ. මගේ අවංක මිත්‍රශීලි සේවය ඔවුන්ට මම උපරිමයෙන් ලබා දෙනවා. මම හිතන්නේ එය මට හේතුවක් වුණා තරුණ වගේම වැඩිහිටි වයසේ පසුවන අය අතර ජනප්‍රිය වීමට.

8) ඉතාලිය තුල ඔබ වැනි නව ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණින් ශ්‍රී ලංකික තරුණියන් සඳහා ඔබ ආරම්භ කරන ලද පාඨමාලාව ගැන ටිකක් කියමුද? 

මේ වන විට ශ්‍රී ලංකික තරුණියන් මෙම ක්ෂේත්‍රයට යොමුකිරිම සදහා මම විවිද පාඨමාලා කිහිපයක්ම ආරම්භ කර තිබෙනවා. (එම පාඨමාලා පිළිබධව සම්පුර්ණ විස්තරයක් මෙම ලිපියේ පහලින් පල කර තිබේ)

9) පාඨමාලාව අවසානයේ ඔබ ලබා දෙන ඉතාලියේ පිළිගත් සහතික පත ගැනත් අපි චුට්ටක් කතා කරමු. මෙම සහතිකය ලබාගන්නා කාන්තාවකට ඉතාලිය තුල විවෘත වන අවස්ථා ගැන අප පාඨකයින් දැනගැනීම වැදගත් දෙයක්.

පාඨමාලාව අවසානයේ මවිසින් ලබා දෙන සහතික පත්‍රය ඔබට රුපලාවන්‍යාගාරයක සේවයට යාම සදහා ප්‍රමාණවත්. මොකද පාඨමාලාව අතරතුර ඒ සදහා අවශ්‍ය ප්‍රයෝගික පුහුණුව ඔබට මැනවින් ලබාදෙන බැවිනි. එයින් පසු ඔබගේම රුපලාවන්‍යාගාරයක් ආරම්භ කිරීමට නම්, ඔබ රුපලාවන්‍යාගාරයක සේවයට බැදී අවම වශයෙන් අවුරුදු තුනක් සේවය කර වෘත්තීය පුහුණුව ලබා ගැනීමෙන් පසු 1 අවුරුදු පාඨමාලාවක් හැදෑරිය යුතුය.

10) ඉතාලියේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කෙනෙකුට ඔබ ලබාදෙන අවවාදය කුමක්ද?

මුලින්ම ඔබ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරය හොදින් අධ්‍යනය කරන්න. එය මෙම සමාජයට හොදින් ගැලපේද, එය ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රයෝගික දැනුම ඔබ සතුද? එසේනම් අධිෂ්ඨානයෙන් යුතුව එම අභියෝගයට මුහුණ දෙන්න. අවංක සාධාරණ සේවයක් ඔබගේ පාරිභෝගිකයාට ලබාදෙන්න. මක් නිසාදයත් ඔබගේ ව්‍යාපාරයේ පැවැත්ම සම්පුර්ණයෙන්ම ඒ මත තීරණය වන බැවිනි. 

11) අවසාන වශයෙන් රුපලාවන්‍ය  ක්ෂේත්‍රයට ඇලුම් කරන කාන්තාවකට ක්ෂේත්‍රයට පිවිස රැකියාවක් සොයාගැනීමට හෝ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඔවුන් තමන්ව සුදානම් කරගත යුත්තේ කෙසේද?

අපේ කාන්තාවන් ඉතාලිය තුල ගතකරන්නේ ඉතාමත් කාර්යබහුල ජිවිත. නමුත් ඔබට අවශ්‍ය නම් රුපලාවන්‍ය ක්ෂේත්‍රයට ඇතුළු වී රැකියාවක් කරන්න, ඔබට එය කරන්න පුළුවන්. අවශ්‍ය වන්නේ උත්සාහය, අධිෂ්ඨානය සහ කැපවීමයි.

පාඨමාලා විස්තර 

1) Make-Up පාඨමාලාව (Corso di trucco teoria e pratico) - පැය 25යි 

  • වර්ණ පිලිබඳ හැදින්වීම (Teoria dei colori)
  • ලා පාට සහ තද පාට වර්ණ හැසිරවීම (Teoria del chiaro e scuro)
  • රුපලාවන්‍ය කටයුතු සදහා භාවිතා කරන උපකරණ සහ cosmetics හදුනා ගැනීම (Conoscenza e uso dei vari strumenti e prodotti per il trucco)
  • මුහුනේ  අඩුපාඩු සහ විවිද ලප කැළැල් මකා ගන්නා ආකාරය (Tecniche di camouflage e correzzione discromie cutanee, acne cicatrici)
  • මුහුණ ඇස් සහ තොල් වලට විවද හැඩතල ලබාදීම (Correzzioni viso occhi, labbra e naso)
  • කෘතීම ඇසි පිහාටු ඇලවීම (Applicazioni ciglia finte)
  • දිවා කාලය සහ රාත්‍රී කාලය සදහා Bridal Make-Up (Trucco giorno / sera e da sposa)

2) Corso di Estetica 

  • දෑත් සහ දෙපා අධ්‍යයනය (Teoria mani e piedi)
  • දෑත සහ දෙපා සත්කාර (Manicure e pedicure)
  • විශේෂ සත්කාර (Trattamenti mani e piedi)
  • දෑත සහ දෙපා සම්භාහනය (Massaggio mani e piedi)
  • අනවශ්‍ය රෝම ඉවත්කිරීම (Ceretta viso e corpo)
  • සම පිලිබඳ අධ්‍යයනය (La pelle)
  • මුහුණ පිරිසිඳු කිරීම (Pulizia del viso)
  • මුහුණ සඳහා වූ සත්කාර (Trattamenti viso)
  • මුහුණ සඳහා වූ විශේෂ සත්කාර (Massaggio viso)
  • Scrub Corpo

3) Nails Course - නිය අලංකරණ පාඨමාලාව 

  • Manicure දෑත් සැකසීම සහ නිය ආලේපන ගැලවීම 
  • Smalto semi permanente mani e piedi  - සති තුනක් පවතින ලෙස විශේෂ වූ නිය ආලේපන ගැලවීම 
  • Rinforzo unghie in gel කැඩී යන නිය නොකැඩෙන ලෙස ජෙල් මගින් ශක්තිමත් කිරීම 
  • Ricostruzine unghie in gel - නියපොතු සඳහාම නිපදවන ජෙල් වර්ගයකින් කොට සහ කැඩෙන නියපොතු එසැනින්ම දිගු කර සති තුනක් හතරක් අතර කාලයක් නොකැඩෙන ලෙස සකස් කිරීම 

4) විශේෂ එක් දින Make-up පාඨමාලාව 

අපේ කාන්තාවන්ට තිබෙන තවත් ප්‍රශ්නයක් තමයි උත්සව අවස්ථාවන්ට සහභාගී වන අවස්ථා වලදී තමන්ගේ Make-Up එක කරගැනීම සඳහා රුපලාවන්‍ය ශිල්පිනියකගේ සහය පැතීමට සිදු වීම. ඉතින් එවන් අවස්ථාවකදී තමන්ගේ Make-Up එක තමන් විසින්ම කරගන්නා ආකාරය සඳහා පුහුණුවක් ලබාදෙන විශේෂ පාඨමාලාවක් සුදානම් කර තිබේ.

වැඩි විස්තර සඳහා සඳමාලි වර්ණකුලසුරිය මහත්මිය සම්බන්ද කරගැනීමට: +39 327 445 6141